
ප්‍රවීන මලල ක්‍රීඩක ඩබ්ලිව්. වසන්ත පෙරේරා ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට.
ප්‍රවීන මලල ක්‍රීඩක ඩබ්ලිව්. වසන්ත පෙරේරා ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට.
දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාව නියෝජනය කර පදක්කම් දිනාගත් පිලිමතලාව, ඩබ්ලිව්. වසන්ත පෙරේරා මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා අතර හමුවක් (21) දින පැවැත්විණි.
ඉන්දියාවේ, මැන්ගලෝර් නුවරදි ජනවාරි මස 07 දින සිට 15 දින දක්වා දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය දා පැවැත් වූ අතර එහිදි ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඩබ්ලිව්. වසන්ත පෙරේරා මහතා තරග ඇවීදීම ඉසව්වෙන් මීටර දස දහස රන් පදක්කම සහ මීටර පන්දහස ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.
මෙහිදි මධ්‍යම පළාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් ප්‍රවීණ මලල ක්‍රීඩක ඩබ්ලිව්. වසන්ත පෙරේරා මහතාගේ ක්‍රීඩා දිවිය ඇගයීමට ලක් කළ අතර ඔහු ලද ජයග්‍රහණ වෙනුවෙන් සුභ පැතුම් එක් කළේය.