
මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිහිකරමින් නිදහස් දින සැමරේ
මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිහිකරමින් නිදහස් දින සැමරේ
හැත්තෑහත්වෙනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උත්සවය අද (04) දින පෙරවරුවේදී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදි පැවැත්විණි.මහනුවර මහනගර සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උත්සවය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතාගේ ප්‍රධන්වයෙන් පැවැති අතර ඒ මහතා විසින් මෙරට ප්‍රථම අග්‍රාමත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුව වෙත මල්දමක් පළඳා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදි සිදු කෙරිණි.නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ ගුණ සැමරුම් ගීතය ද එහිදි ගායනා කිරීම සිදුවූ අතර අනතුරුව ආරාධිතයින් විසින් මහාමාන්‍ය ඩී.එස්.සේනායක පිළිරුව ඉදිරිපිට මල් කළඹ තැන්පත් කිරීම සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, නාථ දේවාලයේ බස්නායන නිලමේ එ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය සහ මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා, හිටපු නගරාධිපති කේසර සේනානායක මහතා මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.