ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම  පළාත් නිදහස් දින සැමරුම හිඳගල සීවලී මහා විද්‍යාලයේදී

මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම හිඳගල සීවලී මහා විද්‍යාලයේදී

මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම හිඳගල සීවලී මහා විද්‍යාලයේදී හැත්තෑ හත්වන නිදහස් දිනයට සමගාමිව සංවිධානය කරන ලද මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ හිඳගල සීවලී මහා විද්‍යාලයේදී (04) දින පැවැත්විණි.‍ මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදි. මෙවර මධ්‍යම පළාත් නිදහස් දිනය අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රමුඛ කර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ පවතින අධ්‍යාපන කලාප හයක් පදනම් කර ගනිමින් ආදර්ශ පාසල් හයක් නඟා සිටුවීම අරමුණින් විශේෂ වැඩසටහනක් ලෙස පැවැත්විණි.මෙහිදි ජාතික මට්ටමින් පාසල් ඇගයීමේ ක්‍රමවේදයට අනුව අරමුණු අටක් පාදක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති අතර මේ සඳහා සියළු රාජ්ය ආයතන, පෞද්ගලික ආයතන , ආරක්ෂක අංශයන්ගේ දායකත්වය ඇතිව මෙම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කෙරේ. මෙම නිදහස් දින සැමරුමට හිඳගල සීවලී මහා විද්‍යාලයේදී සමගාවීම රුක් රෝපණය කිරීම සහ මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කළ රුක් රෝපණ වැඩසටහන් ඇගයීම, පාසල සඳහා පුස්තකාල පොත් පත් පරිත්‍යාග කිරීම හා දක්ෂතා දැක්වූ සිසු දරුවන් ඇගයීම මෙහිදි සිදු විණි. එමෙන්ම නිදහස් දින තේමාව යටතේ පාසල් සිසුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම, නර්තන හා තූර්ය වාදන හැකියාවන් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දී තිබිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් යන මහත්වරුන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු මධ්‍යම අමාත්‍යංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්, පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සීවලි විදුහලේ විදුහල්පති, ජි.ජි.ඩි.එස්.කේ ගීකියනගේ මහතා සහ ආචාර්යය මණ්ඩලය, සිසු දරුවන්, දෙමාපියක්, ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook