ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන  සමගාමීව  පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමගාමීව පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමගාමීව පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (21) දින පැවැත්විණී. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම යටතේ උඩරට දුම්රිය මාර්ගය හා දුම්රිය ස්ථාන, ගම්පොළ රත්තොට සහ මහනුවර නගරය තෝරාගෙන ඇත. ඒ අනුව තෝරාගෙන ඇති එම ස්ථාන ආශ්‍රිතව පරිසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීම, වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ මහත්මිය, මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අබේරත්න මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook