ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති අවුරුදු උළෙල.

පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති අවුරුදු උළෙල.

පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති අවුරුදු උළෙල. මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය යටතේ ක්‍රියාත්මක කුණ්ඩසාලේ, පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ සිඟිති අවුරුදු උත්සවය එහි ළමා උද්‍යානයේදී (27) දින පැවත්විණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ටී.එම්.එන්.එස්. තෙන්නකෝන් මහත්මිය සහ මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහත්ගේ ප්‍රධානත්ව‍යෙන් උත්සවය පැවැත්විණි. ඉදිරියේදී පැවැත්වෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකරනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම ජන ක්‍රීඩා පිළිබඳ දැනුම, මුල් ළමාවිය දරුවන් හට ලබාදීම උදෙසා මෙම සිඟිති අවුරුදු උළෙල සංවිධානය කර තිබිණි. මෙහිදි මුල් ළමාවිය දරුවන්‍ගේ සහභාගීත්වයෙන් ජන ක්‍රීඩා සහ අවුරුදු ක්‍රීඩා කිහිපයක් ද පැවැත් වූ අතර ඔවුන් සඳහා ත්‍යාග ලබා දීම ද සිදුවිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ සහ පළාත් ආදර්ශ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන් ඇතුළු දූ දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook