ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට.

‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට.

‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට. මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිවෘද්ධිය උදෙසා සංවර්ධනය කරන ලද ‘මැදරට විස්කම් දෑත් 2025’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය, සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි (01) ආරම්භ විය. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන් ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම අලෙවි ප්‍රදර්ශනය අ‍ප්‍රේල් මස 02 සහ 03 යන දෙදින ද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව පවති. මෙහිදි මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර රැසක ශිල්පීන් විසින් නිෂ්පාදන කරනු ලබන හස්ත කර්මාන්ත නිෂ්පාදන මිලදී ගැනීමත් ඒවා නිෂ්පාදනය කරනු අයුරු දැක බලා ගැනීමටත් අවස්ථාව සලසා ඇත. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ලලිත කලා අධ්‍යයන අංශයේ, අංශාධිපති මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් එක් වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook