ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මිනිපේ ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය උඩුගත කෙරේ.

මිනිපේ ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය උඩුගත කෙරේ.

මිනිපේ ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය උඩුගත කෙරේ. මිණිපේ ප්‍රාදේශීය සභාව සිය මහජන සේවා පුළුල් සහ කාර්යක්‍ෂම කිරීමේ හා බල ප්‍රදේශයේ ආගමික , සමාජීය ,සංස්කෘතික ,සංචාරක ආදී තොරතුරු ජනගත කිරීමේ අරමුණින් සිය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරේ. මෙම ජනගත කිරීම 14 වෙනි දින පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මිය අතින්, මිනිපේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. www.minipe.ps.gov.lk යන විද්‍යුත් සබැඳියාවෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි අතර ,බල ප්‍රදේශයේ ජන ගැටළු , අවශ්‍යතා සහ දුෂ්කරතා පිළිබද පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවේශයක් ද සකසා දී ඇති අතර , වරිපනම් ඇතුළු සභාව වෙත සිදු කළ යුතු ගෙවීම් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ කිරීමේ හැකියාව ද මෙතුළින් අවකාශ සලසා දී ඇත. ප්‍රධාන සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන සහ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්මීන් ගේ උපදෙස් පරිදි ,රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනට සමගාමිව මෙම වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරෙණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook