ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මිනිපේ ප්‍රජාවට පිරිපහදු කළ පානීය ජලය.

මිනිපේ ප්‍රජාවට පිරිපහදු කළ පානීය ජලය.

මිනිපේ ප්‍රජාවට පිරිපහදු කළ පානීය ජලය. හොංකොං හි The International Center of Shakyamuni Cultural Limited සංවිධානය මගින් මිණිපේ ප්‍රාදේශීය සභාව වෙත පරිත්‍යාග කරනු ලැබූ ප්‍රතිආඝෘත ජල පිරිපහදු උපකරණය ජන අයිතියට පැවරේ. රුපියල් මිලියන 2ක් පමණ වටිනාකමකින් යුතු මෙම පිරිපහදු උපකරණයේ ධාරිතාවය දිනකට වතුර ලීටර 5000 කි. මෙමගින් මිණිපේ කොට්ඨාශයේ ජනතාව වෙත දෛනිකව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කෙරේ. මෙම පිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට ඉන්දියාවේ ඇසැම්හී සිට වැඩම කළ Sadananda සහ Ananda යන ස්වාමීන් වහන්සේලා හොංකොං ජාතික John Leung මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ලක්මාලි අත්තනායක, මිනිපේ සහකාර ප්‍රාදේශීය ලේකම් දීපානි අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද ප්‍රදේශවාසී ජනතාව ද සහභාගි විය. මෙම පරිත්‍යාගය සඳහා වූ සම්බන්ධීකරණය පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි ඩබ්. එම්. ගුණරත්න බණ්ඩා මහතා විසිනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook