මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටියේදී.
මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටියේදී.
“රුදුරු වන මැද්දේ බිහිසුනු සටන් වැද
දිනා දුන්නු දේශය පුද බිමකි අද
සැනසෙන විටදී අප ලක්මව තුරුලේ හිද
විහිදෙයි දසත සොයුරෙනි ඔබේ ගුණ සුවඳ”
ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව පවත්වනු ලබන මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මයිලපිටියේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී 29 දින පැවැත්විණ. රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රණවිරු සැමරුම් උත්සවයේ දී ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දශක තුනක් පැවති යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් සර්ව ආගමික වතාවත් සිදුකොට පින් අනුමෝදන් කිරීම හා මියගිය රණවිරුවන් සිහිකිරීම, රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝපාහාර දැක්වීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක,පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ තුෂාරි ජයසිංහ , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මධුපානි පියසේන, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය, මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්. බී. කොහොන, මධ්‍යම පළාත් ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් නලින් බණ්ඩාරනායක , පල්ලේකැලේ සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් , ආරක්ෂක අංශ ප්‍රධානින්, ජාතික රණවිරු අධිකාරිය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් සහභාගී වුහ.
