ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

තෙල්දෙණිය කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනක්.

තෙල්දෙණිය කලාපයේ පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනක්.

පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් තෙල්දෙණිය කලාප කාර්යාලයේ ITDLH මධ්‍යස්ථානයේදී (03) පැවැත්විණි. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ. දෙමළ මාධ්‍ය පාසල්වල සිසු සිසුවියන් සඳහා පැවැත්වූ පළමු මාධ්‍ය සමාජ බලගැන්වීමෙ වැඩසටහන වීම මෙහි ඇති විශේෂත්වය යි.මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම, මාධ්‍ය කුසලතා සංවර්ධනය , නිර්මාණාත්මක සන්නිවේදනය පිළිබඳ පාසලේ සිසුන් දැනුවත් කෙරිණි. තෙල්දෙණිය කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ඩබ්. ඊ.ඊ.අමුණුගම මහත්මියගේ හා අනෙකුත් නිලධාරීන්ගේ සහයෝගයෙන් පැවැත්වූ මෙම වැඩසටහනට රංගල දෙමළ මහා විද්‍යාලය,මාබේරියතැන්න දෙමළ මහා විද්‍යාලය,විබුලානන්ද දෙමළ විද්‍යාලය හා ශිවනෙශ්වරා මහා විද්‍යාලය නියෝජනය කරමින් මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook