ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ඇසළ පෙරහර මංගල්‍යය  ජූලි 25 කප් සිටුවීමෙන් ඇරඹේ

ඇසළ පෙරහර මංගල්‍යය ජූලි 25 කප් සිටුවීමෙන් ඇරඹේ

ඇසළ පෙරහර මංගල්‍යය ජූලි 25 කප් සිටුවීමෙන් ඇරඹේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි ජූලි මස 25 දින උතුරු දිශාභිමුඛව පෙරවරු 6.05 ට සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.මහනුවර ඇසළ පෙරහර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී පැවැති සාකච්ඡාවේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙම තොරතුරු අනාවරණය කෙරිණි. ඒ අනුව දේවාල අභ්‍යන්තර පෙරහර දින 05 ක් පැවැත්වීමෙන් පසු ප්‍රථම කුඹල් පෙරහර ජූලි 30 දින වීදී සංචාරය කරයි.කුඹල් පෙරහර ජූලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 දින ප්‍රථම රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන අතර අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන්පොහෝ දිනය යෙදෙන (08) දා රාත්‍රියේ වීදී සංචාරය කරයි.අවසන් රන්දෝලි මහ පෙරහර ගෙවැදීමෙන් පසු දිය කැපුම් මංල්‍යය සඳහා සතර මහා දේවාල පෙරහර ගැටඹේ දියකපනා තොට දක්වා ගමන් ගන්නා අතර දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු දවල් පෙරහර 09 දින වීදි සංචාරය කිරීමෙන් මෙවර පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය ජනපතිවරයාට පිළිගැන්වීම 09 දින පස්වරුවේ මහනුවර ජනපති මන්දිරයේදී සිදු කෙරේ.බස්නායක නිළමේ එස්.ඩබ්ලිව් බණ්ඩාරනායක, විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද උඩුරාවණ, පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ජායාරූප - ශ්‍රී දළදා මාලිගාව, මාධ්‍ය කාර්යාංශය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook