ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට වැඩමුළුවක්.
ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට වැඩමුළුවක්.
‘නැණෝදා’ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මාලාවට සමගාමීව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මහනුවර, ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදි (25) මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප පහලොවම ආවරණය වන සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කළ මෙම සම්මන්ත්‍රණය සදහා ඇට්ලස් ලංකා සමාගම මඟින් අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, ශ්‍රී ලංකා පොලීසියේ, ප්‍රජා පොලිස් ඒකකයේ ප්‍රධාන පොලිස් පරික්ෂක, මනෝජ් සමරසේකර මහතා විසින් දැනුවත් කිරීම සිදුකරන ලදි.මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කේ.ජි.එස්. නිශ්ශංක මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) එච්.ජි.එස්. පාලිත, ඇට්ලස් ලංකා සමාගමේ වැඩසටහන් සම්බන්ධිකරණ නිලධාරී ටිෂාන් ජයශාන්ත මහතා ඇතුළු නිලධාරින් දෙමාපියන් පිරිසක් එක් වූහ.
