ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ශ්‍රී  ලංකා ගණකාධිකාරී සේවයේ සීමිත පදනම මත බදවා ගනු ලැබූ නිලධාරීන්ගේ ක්ෂේත්‍ර පුහුණුවක්

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සීමිත පදනම මත බදවා ගනු ලැබූ නිලධාරීන්ගේ ක්ෂේත්‍ර පුහුණුවක්

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සීමිත පදනම මත බදවා ගනු ලැබූ නිලධාරීන්ගේ ක්ෂේත්‍ර පුහුණු කටයුතු ආරම්භ කිරීම පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී අද දින (30) සිදු කෙරිණ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කරන ලද අතර මෙහිදී පළාත් රාජ්‍ය සේවයේ පවතින සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු විෂයපතයන් ආවරණය වන පරිදි මෙම ක්ෂේත්‍ර පුහුණු කටයුතු සිදු කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රධාන ලේකම් කාර්යාලය , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , සෞබ්‍යය අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව , මහනුවර මහ නගර සභාව , කර්මාන්ත අමාත්‍යාංශය, පළාත් විගණන දෙපාර්තමේන්තුව යන ආයතනයන් ප්‍රමුඛව මෙම කටයුතු සිදු කෙරෙන අතර මධ්‍යම පළාත් සභාව හා කාර්යභාරය පිළිබදව හදුන්වාදීමෙන් මෙම කටයුතු ආරම්භ කෙරින. මධ්‍යම පළාත් සභාවේ මුල්‍ය පාලන කටයුතු , ප්‍රාග්ධන වැඩසටහන් වලට අදාළ රාජකාරි කටයුතු , ගිණුම් හා ගෙවීම් පිළිබදව කටයුතු, පළාත් අයවැය අංශයේ කාර්යභාරයන් හා පළාත් සභාවේ ආයතනයන් පිළිබදව හදුන්වාදීම මෙන්ම ගිණුම් කටයුතු පිළිබදව හා ගණකාධිකාරිවරයෙකුගේ කාර්යභාරය පිළිබදව මෙහිදී පුහුණුව ලබාදීමට නියමිතය. මෙම සමස්ත වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් මෙහෙයවීම සිදුකරනු ලබන අතර වැඩසටහනේ සමාරම්භය සදහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) සි.කේ.අමරකෝන් , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) ජී.එම්.කේ.ඒකනායක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) අයි.එස්.කේ.විජේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook