ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර සංචාරක  ප්‍රවර්ධනයට, පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටුවේ අවධානයට.

මහනුවර සංචාරක ප්‍රවර්ධනයට, පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටුවේ අවධානයට.

මහනුවර සංචාරක ප්‍රවර්ධනයට, පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටුවේ අවධානයට. මධ්‍යම පළාතේ සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (14) දින පැවැත්විණි. මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරයක දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම මෙහෙයුම් කමිටු රැස්වීම නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීමේදී සංචාරක සංවර්ධනයේදී මහනුවර දිස්ත්‍රික්කයේ විභවතා සම්බන්ධ‍යෙන් අවාධානය යොමු කෙරුණු අතර දිස්ත්‍රික්කය සංචාරක කළාප නමයක් ඔස්සේ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. මධ්‍යම පළාතේ සංචාරක උපාය මාර්ගික සැළැස්ම අචාර්ය සමන්ත පතිරණ මහතා විසින් ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර සඳහා මහනුවර දිස්ත්‍රිකක්යේ සංචාරක සංවර්ධනය සම්බන්ධයෙන් අදහස්, යෝජන, ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. මෙහිදි අදහස් දැක්වූ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රජාව වෙත සෙත සැළසෙන් පිරිදි ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කරන ලදි . මිලියන තුනක සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමේ කටයුතු මේ වන විට සාර්ථක අයුරින් සිදුවන බවත් මෙරට දී වැඩි වශයෙන් මුදල් වියදම් කළ හැකි සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ඇතුලු සංස්කෘතික අංග මෙන්ම පරිසර හිතකාමී ක්ෂේත්‍ර සඳහා සංවාරකයන් වැඩි වශයෙන් යොමු කර ගැනිම අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් වන ඊ.එම්. බස්නායයක, තනුර දිසානායක, මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා ඇතුලු මහජන නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, සංචාරක අමතාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එල්. නසීර් මධ්‍යම පළාත් ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරයක දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ සඳමාලී හේව‍ෙගේ යන මහත්මීන් ඇතුලු පළාත් සභා සහ මධ්‍යම රජයේ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජන කරන නියෝජිතයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook