මධ්‍යම පළාතේ පාසල් පද්ධතියේ අධ්‍යාපන සංවර්ධනය කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ
මධ්‍යම පළාතේ පාසල් පද්ධතියේ අධ්‍යාපන සංවර්ධනය කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් දියත් කෙරේ
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනට සමගාමිව 2025 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සවිබල ගැන්විමේ වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් පසුගියදා ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන, පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මෙහිදී ආර්ථික විද්‍යාව විෂය හදාරණ දරුවන් සදහා විශේෂ අධ්‍යාපන උපදේශන හා මාර්ගෝපදේශන පිළිබදව වූ වැඩසටහනක් පවත්වන ලදී. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගේ උපදෙස් මත , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වයි.එම්.හේරත් බණ්ඩා මහතාගේ මුලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය වී පැවති අතර මෙහි සම්පත්දයකත්වය රවින්ද්‍ර රූපසිංහ මහතා විසින් ලබාදෙන ලදී.
