මධ්‍යම පළාත් මලල ක්‍රීඩා උළෙල දිගනදී
මධ්‍යම පළාත් මලල ක්‍රීඩා උළෙල දිගනදී
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාතෙන් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් සංවිධනය කරන ලද මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී 10 දින පැවැත්විණ. මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සදහා මධ්‍යම පළාතේ මහනුවර , මාතලේ හා නුවරඑලිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙහිදී තරග වදින ලදී.
මෙම ක්‍රීඩා උළෙලට සමගාමිව පළාතේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ක්‍රීඩා සමාජ සදහා සංකේතවත්ව ක්‍රීඩා භාණ්ඩ ලබාදීම , කරාතේ ක්‍රීඩකයින් සදහා කරාතේ පටි ලබාදීම , පාපන්දු ක්‍රීඩකයින් සදහා පාපන්දු පාවහන් ලබාදීම , ක්‍රීඩකයින් සදහා පෝෂණ ද්‍රව්‍යමය කට්ටල ලබාදීම හා ක්‍රීඩා ඇදුම් ලබාදීම සිදු කරන ලද අතර ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන “ජවයට සවිය” වැඩසටහන සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මුල්‍ය ප්‍රධානයන් ලබාදීම ද මෙහිදී සිදු විය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ අසේල රත්නායක , අතිරේක දිස්ත්‍රික් ලේකම් (මාතලේ ) උත්පල ජයරත්න, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.යු.නිශාන්ත යන මහත්ම මහත්මීන් ,දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරින්, ක්‍රීඩා නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
