අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ට නිර්දේශිත “ඊඩිපස් රජ” නාට්‍ය (The Unseen Truth) කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ට නිර්දේශිත “ඊඩිපස් රජ” නාට්‍ය (The Unseen Truth) කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂය නිර්දේශයට නියමිත ව පවතින නාට්‍යක් කෙටි චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කොට එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රපට අධ්‍යක්ෂ , සිනමාවේදී ජගත් මනුවර්ණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහමායා බාලිකා විද්‍යාල ශ්‍රවනාගාරයේදී 15දින පැවැත්විණ.
උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය සදහා නාට්‍ය 05ක් ඇතුලත් වන අතර ඒ අතරින් “ඊඩිපස් රජ” (The Unseen Truth) මෙලෙසින් කෙටි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කොට ඇති අතර දරුවන් සදහා ප්‍රායෝගික අත්දැකීමක් ලබාදෙමින්, සිනමාකරණයට අවකාශය උදාකරමින් විෂය කරුණු ග්‍රහණය කර ගැනීම සදහා අවස්ථාව උදා කිරීම වෙනුවෙන් මෙය නිර්මාණය කොට ඇත. ශ්‍රී ලංකාවේ මෙවැනි නිර්මානයක් සිදුකරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.මහනුවර අධ්‍යාපන කලාපයේ නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන් හා සිසුන්ගේ දායකත්වයෙන් මෙම නාට්‍ය නිර්මාණය කොට ඇති අතර මෙම නිර්මාණය සදහා සිලිකන් ක්‍රිබ් ආයතනය මගින් ක්‍රියාත්මක itvlk ඔස්සේ මෙය විකාශනය කිරීමට නියමිතය.
මෙම උත්සව අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි , ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරි හේරත් බණ්ඩා , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සී.අයි. අන්දරගේ , මහනුවර අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යක්ෂ නිලංකා අබේවර්ධන යන මහත්ම මහත්මීන් , විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
