ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහනට ඉහළ ජන සහභාගීත්වයක්

‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහනට ඉහළ ජන සහභාගීත්වයක්

‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහනට ඉහළ ජන සහභාගීත්වයක් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) විසින් ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ තේමා‍වෙන් සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල (Kandy Breeze Night Fest) පළමු අදියර 16 දින මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහක්වරුවරුන්‍ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙහි පළමු අදියර සඳහා දේශීය හා ‍විදේශීය සංචාරකයින්ගේ ඉතා ඉහළ සහභාගීත්ව‍යක් දක්නට ලැබිම විශේෂත්වයකි. මේ සඳහා දේශීය ආහාර, ක්‍රීඩා අංග, හස්ත කර්මාන්ත නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන හා අලෙවිසැල් ඇතුළත් ප්‍රදර්ශන කුටි පනහක් පමණ එක් කර තිබිණි.මෙම වෙළඳ ප්‍රදර්ශනය මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය කොටසක් ආවරණය වන පරිදි ඉදිරි අගොස්තු මස 23 ,30 සහ සැප්තැම්බර් 06 යන සෙනසුරාදා දිනවලදී ද රාත්‍රී 07.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වේ. ‍මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.මෙම වැඩසටහන වර්ණවත් කිරීම සඳහා සිනේස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ අනුග්‍රහය යටතේ මෙරට ප්‍රවිණ නළු නිලියන් පිරිසක් ද එක්විය.මෙම අවස්ථාව සඳහා හනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානයක, රිස්වි ෆාරුක් මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත,මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්වරුන් මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින්, ව්‍යාවසයායකයින් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook