ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

වියට්නාම සංස්කෘතික සම්ප්‍රදායන්  හඳුන්වාදීමේ වැඩසටහනක්

වියට්නාම සංස්කෘතික සම්ප්‍රදායන් හඳුන්වාදීමේ වැඩසටහනක්

වියට්නාම සංස්කෘතික සම්ප්‍රදායන් හඳුන්වාදීමේ වැඩසටහනක් වියට්නාම සංස්කෘතික සම්ප්‍රදායන් මෙරට ජනතාට හඳුන්වාදීම සඳහා සංවිධානය කළ සංගීතමය වැඩසටහනක් මධ්‍යම පළාත ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දිගන, අඹකොටේ ට්‍රක් ලම් බෞද්ධ ආරාමයේදි (20) දින පැවැත්විණි.ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවත්නා මිත්‍ර සබඳතාවයට වසර 55 ක් පිරිමි සමගාමීව පැවති මෙම වැඩසටහනේදී වියට්නාම සම්ප්‍රදායික සංගීත ශිල්පීන් විසින් සංගීත ගායන හා වාදන අංග ඉදිරිපත් කිරීම සිදුකරන ලද අතර ඒ සඳහා ශ්‍රී ලාංකීක දු දරුවන් පිරිසක් ද එක්ව සිටියහ.වියට්නාමයේ මෙරට තානාපතිනි ට්‍රින් තී ටැම් මහත්මියගේ මෙහෙයවීමෙන් එම තානාපති කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම අවසථාව සඳහා අඹකොටේ ට්‍රක් ලම් බෞද්ධ ආරාමයේ විහාරාධිකාරි ධම්මාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසින් පිරිසක් එක් වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook