දේශපාලන විද්‍යාවේ මූලිකාංග -දෙවන කලාපය එළිදැක්වේ
දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ දෙවන කලාපය එළිදැක්වේ
ආචාර්ය කේ. ප්‍රභාහරන් මහතා විසින් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්තොට, ගෝල්ඩන් ස්ටාර් ශාලාවේ දී (23) පැවැත්විණි.දේශපාලන විද්‍යාව හදාරනු ලබන පාසල් සිසුන් උදෙසා අතිරේක කියවිම් ග්‍රන්ථයක් ලෙස, දෙමළ මාධ්‍යයෙන් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය, කුරින්චි ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර්‍ර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, දෙමළ මාධ්‍යයයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා එම මාධ්‍යයෙන් සම්පාදනය කන ලද ග්‍රන්ථ සීමිතව පවතින මෙවැනි වකවනුවක, මෙවැනි පොත් පත් රචනා කිරීම අගනා කාර්යයක් බවත්, සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා ද මෙවැනි පොත් පත් රචනා විය යුතු බවත් සඳහන් කළේය.
දේශපාලන විද්‍යාව පාසල් සිසුන් මෙන්ම, සියළුම පුරවැසියන්ම දැන ගත යුතු විෂයයක් බවත්, මෙවැනි පොත් පත් පරිශිලන කිරීම සඳහා ජනතාව උනන්දු කර, ඔවුන් දේශපාලව විද්‍යාව සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් බවට පත් කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා, මහනුවර කලාප අධ්‍යපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. තමිල්‍චෙල්වම් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. රමේෂ් බාබු යන මහත්වරන් ඇතුළු පිරිසක් එක් වූහ.
ආචාර්ය කේ. ප්‍රභාහරන් මහතා විසින් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය එළිදැක්වීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්තොට, ගෝල්ඩන් ස්ටාර් ශාලාවේ දී (23) පැවැත්විණි.දේශපාලන විද්‍යාව හදාරනු ලබන පාසල් සිසුන් උදෙසා අතිරේක කියවිම් ග්‍රන්ථයක් ලෙස, දෙමළ මාධ්‍යයෙන් රචනා කරන ලද ‘දේශපාලන විද්‍යාවේ මූලිකාංග’ (Elements of Political Science – Part II) කෘතියේ දෙවන කලාපය, කුරින්චි ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර්‍ර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, දෙමළ මාධ්‍යයයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා එම මාධ්‍යයෙන් සම්පාදනය කන ලද ග්‍රන්ථ සීමිතව පවතින මෙවැනි වකවනුවක, මෙවැනි පොත් පත් රචනා කිරීම අගනා කාර්යයක් බවත්, සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා ද මෙවැනි පොත් පත් රචනා විය යුතු බවත් සඳහන් කළේය.දේශපාලන විද්‍යාව පාසල් සිසුන් මෙන්ම, සියළුම පුරවැසියන්ම දැන ගත යුතු විෂයයක් බවත්, මෙවැනි පොත් පත් පරිශිලන කිරීම සඳහා ජනතාව උනන්දු කර, ඔවුන් දේශපාලව විද්‍යාව සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් බවට පත් කළ යුතු බව ද පෙන්වා දුන්නේ ය.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා, මහනුවර කලාප අධ්‍යපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. තමිල්‍චෙල්වම් සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. රමේෂ් බාබු යන මහත්වරන් ඇතුළු පිරිසක් එක් වූහ.
