ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පැණිදෙණිය - දිගන මාර්ග ඒකාබද්ධකර බස් රථ  ධාවනයට

පැණිදෙණිය - දිගන මාර්ග ඒකාබද්ධකර බස් රථ ධාවනයට

පැණිදෙණිය - දිගන මාර්ග ඒකාබද්ධකර බස් රථ ධාවනයට ප්‍රශස්ත පොදු ප්‍රවාහන සේවය් ඇති කිරිමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව මාර්ග ප්‍රති නිර්මාණය ( Re- Routing) කිරීමේ වැඩසටහන යටතේ පැණිදෙණිය - දිගන මාර්ග ඒකාබද්ධකර බස් රථ ධාවනය කිරිමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පේරාදෙණිය පැණිදෙණිය, බස් නැවතුම්පොලේ දි (18) ආරම්භ කෙරිණි.මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව, මාර්ග ප්‍රති නිර්මාණය ( Re- Routing) කිරීමේ වැඩසටහන යටතේ පැණිදෙණිය - දිගන මාර්ගය පෞද්ගලික බස් රථ ආවරණය කර ගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.පැණිදෙණියේ සිට මහනුවර නගරයට ධාවනය කරන පෞද්ගලික බස් රථ දිගන නගරය දක්වාත්, දිගන නගරයේ සිට මහනුවර නගරයට ධාවනය කෙරෙන බස් රථ පැණිදෙණිය දක්වා ධාවනය මේ යටතේ සිදු කෙරේ. ඒ අනුව එම මාර්ගේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ මඟීන් නංවා ගැනීමට හා බැස්සවීමට පමණක් මහනුවර නගරයේදි සිදු කරනු ලැබේ. මෙමගින් මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම කර ගැනීම ද අපේක්ෂා කෙරේ.එමෙන්ම මාර්ගය භාවිත කරන බස් රථ මගින් සදහා අඩු කාලයක් තුළදි පැණිදෙණිය - දිගන මාර්ගයේ ගමනාන්තයන් වෙත ලඟාවීමට අවස්ථාව සැලසේ. මෙම වැඩසටහන සමාරම්භය අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති ජි.ජී. රුවන් කුමාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රවාහන සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook