ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ඉන්දුනීසියානු තානාපති අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ඉන්දුනීසියානු තානාපති අතර හමුවක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ඉන්දුනීසියානු තානාපති අතර හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi GustinaTobing) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (19) දින පැවැත්විණි.මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ඉන්දුනීසියානු තානාපතිවරිය අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කිරීමට හැකි වැඩසටහන් පිළිබඳවත් ඒ සදහා නූතන තාක්ෂණ හුවමාරු කරගැනීම, උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්ව ලබා ගැනීම ආදී කරුණු සම්බන්ධව සාකච්ඡා සිදු කෙරිණි. මධ්‍යම පළාත තුළ ද කෘෂිකකර්ම ක්ෂේත්‍රයේ නව්‍යකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත්, ඒවා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ මට්ටම පවතින බව ද ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කළේය.දෙරට අතර සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් පවතින විභවතා පිළිබඳව ද ඒ සදහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහිද අදහස් හුවමාරු කර ගැනීම සිදුවිණි.මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් සහ ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන් මහතා ඇතුලු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook