ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

"ICHC -2025" නිවාස හා ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගය 2025

"ICHC -2025" නිවාස හා ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගය 2025

"ICHC -2025" නිවාස හා ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගය 2025 මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව විසින් නිවාස හා ඉදිකිරීම් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම උදෙසා හා අනාගත සිසු පරපුර ඉදිකිරීම් තාක්ෂණය වෙත නැඹුරු කරවීමේ අරමුණින් පවත්වන ලද "ICHC-2025"නිවාස හා ඉදිකිරීම් සඳහා නව නිපැයුම් තරගයේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ඊ.ඕ ඊ. පෙරේරා රඟහලේදී පැවැත්විණ.නිවාස හා ඉදිකිරීම් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම, නිවාස ඉදිකිරීම් තාක්ෂණය ආශ්‍රිත ක්‍රමවේද හඳුන්වාදීම හා මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ අරමුණින් පළාත් මාර්ග අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්පත් දායකත්වයෙන් හා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේත් සහයෝගය ඇතිව පළාතේ පාසල් හා වෘත්තීය පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසු දරුවන් ඉලක්ක ගත කරගනිමින් පාසල් හා විවෘත අංශ දෙක යටතේ මෙහිදී තරග පවත්වා ඇත.එහිදී ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා ආදේශක නිපැයුම්, ඉදිකිරීම් තාක්ෂණය ආශ්‍රිත නිපැයුම්,ඉදිකිරීම් සඳහා භාවිතයට ගත හැකි නව උපකරණ හෝ දැනට පවතින උපකරණ වැඩි දියුණු කරවන නිපැයුම් සහ ඉදිකිරීම් සිදුකිරීමේදී භාවිතයට ගන්නා ආරක්ෂිත උපකරණ, උපාංග නිපැයුම්, නව ඉදිකිරීම් වින්‍යාස (ආදර්ශ ආකෘති) නිපැයුම් යනාදි ක්ෂේත්‍ර යටතේ තරග අංශ හතරක් තවත්වා ඉන් ජයග්‍රහණය කළ සිසුන් 11දෙනකුටත්, කුසලතා දැක්වූ සිසුන් 28 දෙනෙකුට හා සහභාගී වූ සිසුන් 110 දෙනෙකු සඳහා සහතික පත්, පදක්කම් හා කුසලාන ප්‍රදානය කෙරිණි.මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා දරුවන්ගේ කුසලතා මෙන්ම ආකල්ප වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම ගුරු භවතුන්ගේත්, විදුහල්පතිවරුන්ගේත් අධ්‍යාපනවේදීන්ගේත් හා අධ්‍යාපනය හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන්ගේද වගකීමක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. ආර්.පියදාස මහත්මිය, පළාත් නිවාස කොමසාරිස් ඩී. ඩබ්. ජී.කේ වඩුගොඩ මහත්මිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති, පීඨාධිපති, සිවිල් ඉංජිනේරු පීඨයේ අංශාධිපති ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook