පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් කොත්මලේ කලාපයේ දී
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් කොත්මලේ කලාපයේ දී
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් කොත්මලේ නයාපාන විද්‍යාලයේදී පසුගියදා (09) පැවැත්විණි. මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැත් වූ අතර, එය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා සිසු සිසුවියන් දායකත්වය, කැමරාකරණය, වීඩියෝකරණය, ශබ්ද පරිපාලනය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් සමන්විත විය.කොත්මලේ කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යක්ෂ(සංවර්ධන) ඒස්.ඩී.ආර්.පෙරේරා මහතාගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට නයාපාන මහා විද්‍යාලයේ මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය.
