සෙංකඩගල මින් විසිතුරු 2025
සෙංකඩගල මින් විසිතුරු 2025
මධ්‍යම පළාත් කෘෂිකර්ම හා මිරිදිය ධීවර අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සංවිධානය කළ සෙංකඩගල මින් විසිතුරු 2025, විසිතුරු මත්ස්‍ය හා ජලජ පැළෑටි ප්‍රදර්ශනය 2025 ඔක්තෝම්බර් මස 10 හා 11 දෙදින මහනුවර සහස් උයනේදී පැවැත්විණි.මෙහි සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම ,පශු සමපත්, ඉඩම් හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ හා විසිතුරු මත්ස්‍ය අපනයනය කරුවන්ගේ සංගමයේ සභාපති, මධ්‍යම පළාතේ විසිතුරු මත්ස්‍ය වගා ව්‍යවසායකයයින් සහභාගිත්වයෙන් පැවැත්විණි.
