ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන් වන කෘෂි කර්ම, පශු සම්පත්, වාරි මාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී (15) දින පැවැත්විණි. මෙහිදී මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත පළාත් සභා, විමධ්‍යගත අයවැය, ඇතුලු ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ඒ ඒ ආයතනයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිණි.එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල න් මේ වසර තුළ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ආයතන වශයෙන් ප්‍රගතිය විමසා බැලීම හා ඒවායේ පවතින ගැටළු හා සංශෝධනයන් සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් විය.මහනුවර දිස්ත්‍රික්කයේ මාපිය රැකවරණය නොමැති බාලවයස්කාර දරුවන් රැක ගැනීම, ජලභීතිකා රෝගය පාලනය, රෝගී සහන සත්කාරක සේවය ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කයේ ගුරු තුලනය, ප්‍රජා හා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ගොහාගොඩ ප්‍රදේශයට ප්‍රදේශයේ කුණු බැහැර කිරීම ආදි කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.මහනුවර, දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය, විදුලිය, සෞබ්‍යය , ප්‍රවාහන කටයුතු , අධ්‍යාපනය , කෘෂි කර්මාන්තය ආදි ක්ෂේත්‍ර මෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබදව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කරන ලදී.මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් , දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook