"උරුමයක සේයා 2025" මහනුවර දී
"උරුමයක සේයා 2025" මහනුවර දී
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද "උරුමයක සේයා 2025" සම්ප්‍රදායික චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය 'මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්' හි දෙවන මහලේදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (02) දින ආරම්භ කෙරිණි.මෙහිදි පාසල් හා තරුණ යන අංශ යටතේ සම්ප්‍රදායික චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය පැවති අතර දිස්ත්‍රික් හා පළාත් වශයෙන් ජයග්‍රාහකයින් ඇගයීමකට ලක්කර මුදල් ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම සිදුවිණි."උරුමයක සේයා 2025" සම්ප්‍රදායික චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය නොවැම්බර් 01 හා 02 යන දෙිදින පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්විණිමෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සුදර්ශන බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු පිරිසක් එක් වූහ.
