ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර සුමඟුල් විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

මහනුවර සුමඟුල් විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

මහනුවර සුමඟුල් විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය මහනුවර, වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ 2024 වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් (07) දින පැවැත්විණි. 2024 වර්ෂයේ විෂය හා පන්ති ප්‍රවීණතා මෙන්ම, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශිෂ්ට සාමාර්ථ ලබා විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් සිසුන්ද විෂය සමගාමී බාහිර කටයුතුවල විශේෂ දක්ෂතා දැක්වූ දරුවන්ද ඇගයීම උදෙසා මෙම උත්සවය සංවිධානය කර තිබිණී.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, මහනුවර කලා අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන අධ්‍යයක්ෂ, අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනී, ගඟවට කෝරළය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. බණ්ඩාර, මහනුවර, වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්. දේශප්‍රිය රත්නායක, යන මහත්ම, මහත්මීන්, නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, පාසල් සංවර්ධන සමිති හා ආදී ශිෂ්‍ය සංගම් නියෝජිතයින්, දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook