ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

බ්‍රැන්ඩිගල සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට

බ්‍රැන්ඩිගල සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට

බ්‍රැන්ඩිගල සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට මාතලේ දිස්ත්‍රික්කයේ බ්‍රැන්ඩිගල, සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංචාරක කලාපය කේන්ද්‍රකරගනිමින් (18) දින ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් සංචාරක වෙළඳ වාණිජ දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ යටවත්ත සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා විසින් මේ සඳහා දායකත්වය ලබාදී තිබුණි. මෙහිදි බ්‍රැන්ඩිගල සංචාරක ගමනාන්තය පිවිසුම් නාම පුවරුව විවෘත කිරීම හා පිලිසකරන ලද මාර්ගයේ කොටසක් වීවෘත කිරීම, නැරඹුම් මධ්‍යස්ථානය (View Point) නිරීක්ෂණය කිරීම, ඡායාරූප ගන්නා ස්ථානය (Photos Spot) වීවෘත කිරීම සහ බ්‍රැන්ඩිගල ආශ්‍රිත ත්‍රාසජනක ක්‍රීඩා හඳුන්වාදීම යටතේ එම කඳුවැටිය මත සිට පහළට බැසීම (Abseiling) ප්‍රදර්ශනාත්මකතව සිදු කරන ලදි. එමෙන්ම මීට සමගාමීව Fam Tour, ස්භාවික මං තරණය (Nature Trail), සමාජ මාධ්‍යකරුවන් හා සංචාරක මාර්ගෝපදේශකවරුන්, පරිසරවේදින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. තෝරාගත් සංචාරක මග පෙන්වන්නන් සඳහා බලපත්‍ර ලබා දීම ද මෙහිදි සිදු විණි. මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති ාසලගේ, යටවත්ත ප්‍රාදේශීය සභා සභාපති ජි.වි.ජි.ජි. ෆොන්සේකා මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින්, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් පාරමි තෙන්නකෝන්, යටවත්ත ප්‍රදේශීය ලේකම් ශ්‍යාමලි වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීන්, බ්‍රැන්ඩිගල මිතුරෝ සංවිධානයේ නියෝජිතයින් සහ පරිසරවේදීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook