ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මාර්ග ආරක්ෂණ වැඩසටනේ තරග ජයග්‍රාහකයින් ඇගයේ

මාර්ග ආරක්ෂණ වැඩසටනේ තරග ජයග්‍රාහකයින් ඇගයේ

මාර්ග ආරක්ෂණ වැඩසටනේ තරග ජයග්‍රාහකයින් ඇගයේ ‍මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ වැඩසටහන 2025 යටතේ සංවිධානය කරන ලද පාසල් රචනා සහ විවාද තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකල ශ්‍රවනාගාරයේදී (20) දින පැවැත්විණි.මධ්‍යම පළාතේ තෝරාගත් පාසල්වල සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම පාසල් රචනා සහ විවාද තරග පවාත්වා ඇත. මෙහිදි විවාද තරගාවලියේ අවසන් තරගය මහනුවර වාරියපොල ශ්‍රී සමුංගල විද්‍යාලය සහ වත්තේගම බාලිකා විද්‍යාලය අතර පැවැත්විය.මෙම උත්සවයේදී පාසල් රචනා සහ විවාද තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග, සහතික සහ තිළිණ ප්‍රදානය කිරීම සිදුවිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් අයි.එස්. රත්නායක, පළාත් නිවාස කොමසාරිස් කණිෂ්කා වඩුගේ යන මහත්ම මහත්මීන්, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින්, පොලිස් නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරු භවතුන් හා සිසු දරුවන් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook