ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

2026 නව වසර සඳහා මධ්‍යම පළාත් සභාවේ රාජකාරි අරඹමින්

2026 නව වසර සඳහා මධ්‍යම පළාත් සභාවේ රාජකාරි අරඹමින්

2026 නව වසර සඳහා මධ්‍යම පළාත් සභාවේ රාජකාරි අරඹමින් 2026 නව වසර වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ රාජකාරි ආරම්භ කිරීම අද (01) පෙරවරුවේ පල්ලේකැලේ, පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සහ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ ආයතනවල රාජකාරි ආරම්භ කිරීම, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි මහතාගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නව වසර වෙනුවෙන් කිරි ඉතිරිවීම, ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය කිරීම, රට වෙනුවෙන් මියගිය විරුවන් සැමරිම සහ ආපදා හේතුවෙන් මිය ගිය පිරිස් වෙනුවෙන් නිහඩතාවයක් පැවැත්වීම සහ නව වසර සඳහා සුභ පැතුම් එකතු කිරීම සහ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම මෙහිදි සිදු කෙරිණි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් සභා ලේකම් සුජානි විජේතුංග යන මහත්මීන් පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානනීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook