ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

වත්තේගම රෝහල අලුතින් ඉදිකිරීමට යෝජනා

වත්තේගම රෝහල අලුතින් ඉදිකිරීමට යෝජනා

වත්තේගම රෝහල අලුතින් ඉදිකිරීමට යෝජනා ආපදාවට ලක් වූ වත්තේගම රෝහල සම්බන්ධයෙන් හා එහි සේවා පවත්වාගෙන යාම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී (21) දින පැවැත්විණී.මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී විය.ඒ අනූව වත්තේගම රෝහල පවතින ස්ථානයේම පවත්වාගෙන යාම, වෙනත් ස්ථානයකට රැගෙන යාම සහ අලුතින්ම රෝහල සුදුසු ස්ථානයක ස්ථාපිත කිරිම යන සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර ඒ යටතේ එක් එක් පාර්ශ්වයන්ගේ ගැටළු, අදහස් හා යෝජනා පිළිබඳව දීර්ඝ සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත වත්තේගම රෝහල අලුතින්ම සුදුසු ස්ථානයක ස්ථාපිත කිරිම තීරණය කෙරිණී. ඒ යටතේ රෝහල අලුතින් ඉදිකිරීමට නගරය ආසන්නයේ සුදුසු භූමි ප්‍රදේශයක් තෝරාගැනීම, ඉඩම් අත්පත්කර ගැනීම, මැනුම් කටයුතු, පාරිසරික ඇගයීම් අධ්‍යයන හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRI) වාර්තා ලබාගැනීම, මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම ඇතුලු කරුණු කෙරෙහි අවධානය යොමුකිරීම. එමෙන්ම මේ සම්බන්ධව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීමට ද තීරණය වු අතර ඉදිකිරීමට යෝජිත රෝහල සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ රෝහලක් ලෙස (District Hospital A) ඉදිකිරීමට සැලසුම් කෙරේ.මෙම අවස්ථාව සඳහා වත්තේගම නගර සභාවේ සභාපති ඩී.එස්. උයන්ගොඩ, පාතදුම්බර ප්‍රාදේශිය සභාවේ සභාපති එච්.එම්. නිමල් හේරත්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එල්. රණවීර යන මහත්ම මහත්මින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook