ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ

මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ

මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව රැස්වේ මධ්‍යම පළාත් ආරක්ෂක කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී (23) දින පැවැත්විණි.මෙම සාකච්ඡාවේදී මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සිදුකෙරිණී.මීට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය පාලනය කිරීම හා මුලිනුපුටා දැමීම, නාගරික රථ වාහන තදබදය හා අනතුරු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.එමෙන්ම දිට්වා සුළි කුණාටුව හේතූන් ඇතිවූ ආපදා හානි යථාවත් කිරීම, ආපදා කළමනාකරණය සම්බන්ධ ඉදිරි සැලසුම්, අනවසර හා අවිධමත් ඉදිකිරීම් වැළැක්වීම වන සංරක්ෂණ කටයුතු, පළාතේ වසංගත රෝග පාලනය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුලු රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook