ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර දිස්ත්‍රික් ප්‍රවාහන හා මහා මාර්ග සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

මහනුවර දිස්ත්‍රික් ප්‍රවාහන හා මහා මාර්ග සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

මහනුවර දිස්ත්‍රික් ප්‍රවාහන හා මහා මාර්ග සම්බන්ධිකරණ කමිටුව රැස්වේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයට අයත් විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (30) දින පැවැත්විණි.ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බි.එස් අභයකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විය.මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ 2025 සංවර්ධන වැඩසටහන් යටතේ අත්කරගෙත ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සහ ඒ් සඳහා ඇති වූ ගැටලු, ආපදා තත්ත්වයට පත්වූ මාර්ග හා දුම්රිය මාර්ග සම්බන්ධයෙන් මෙහිදි ආවධානයට යොමු කෙරිණි.එමෙන්ම 2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද එක් එක් ආයතන අනුව සාකච්ඡා කෙරිණි. ඒ් අනුව මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරින සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මෝටර් රථ ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව යන අයතන විසින් දිස්ත්‍රික්කයේ සිදු කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා වූහ. විසල් මහනුවර නගර සැලැස්ම, මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත (KMTT) ව්‍යාපෘතිය, විදේශාධාර ව්‍යාපෘති ඇතුළු විශේෂිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ප්‍රගතිය ද මෙහිදි අවධානයට යොමු වූහ.මීට සමගාමීව ප්‍රවාහන හා මහා මාර්ග විෂය ක්ෂේත්‍රය සම්බන්ධ මහනුවර දිස්ත්‍රික් කමිටුවේ, කමිටු සභාපති,ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානයක මහතා පත් කෙරිණි.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook