ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

අතීත වැරදි පසෙක ලා සැවොම එක්ව වර්තමාන අර්බුද ජයගෙන දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීමට කැප විය යුතු බව..

අතීත වැරදි පසෙක ලා සැවොම එක්ව වර්තමාන අර්බුද ජයගෙන දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීමට කැප විය යුතු බව..

අතීත වැරදි පසෙක ලා සැවොම එක්ව වර්තමාන අර්බුද ජයගෙන දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීමට කැප විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මේ ගෙවී යන්නේ ලංකා ඉතිහාසයේ අතිශය තීරණාත්මක කාලවකවානුවක් බවත් , දෙවන ලෝක යුද සමයටත් වඩා මෙසමය ප්‍රශ්නකාරී වනු ඇති බවත් කියා සිටි අග්‍රාමාත්‍යවරයා ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය අනතුරට ලක් වීම මෙහි නිසැක ප්‍රතිඵලය වන වග පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පසුගිය 29 දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර් යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික යාන්ත්‍රණයේ මහනුවර දිස්ත්‍රික් හමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි . මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා ද, අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම හා අශෝක ප්‍රියන්ත යන මහත්වරුද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහාචාර්ය රන්ජිත් බණ්ඩාර යදාමිණි ගුණවර්ධන හා රවුෆ් හකීම් යන මහත්වරුද මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාද, මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීහුද එක්ව සිටියහ. එසේම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා හා පළාත් අමාත්‍යාංශ ලේකම්වරුද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හා මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුද ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිහුද මේ සාකච්ඡාවට සහභාගී වී සිටියහ. පළාත් ආණ්ඩුකාර ගමගේ මහතාද, අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, පළාත් පාලන ආයතන ප්‍රධානීහුද , රාජ්‍ය නිලධාරිහුද සාකච්ඡාවට එක් වෙම්න් අදහස් දැක්වුහ. ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කළේ මත් ද්‍රව්‍ය භාවිතය ළමා මන්දපෝෂණය කෙරෙහි සෘජුවම බලපාන බවත්, ආරක්ෂක අ‍ංශ හා එක්ව එම තත්ත්වය දුරලීමට තමා ක්‍රියා කරන බවත්‍ ය. සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වුයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු රජය සතු වගා කළ හැකි එහෙත් වගා නොකළ ඉඩම් ආහාර බෝග වගාව සඳහා යොදා ගැනීම කෙරෙහිය. මෙම ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනාගෙන ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීමටත්, අනතුරුව ඒවා වගා කටයුතු සඳහා දෙවසරකට කාලයක් වෙනුවෙවෙන් ප්‍රජාව වෙත ලබා දීමටත් වහාම පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීනට උපදෙස් ලබා දුන්නේය.

මෙම වැඩසටහන ජනාධිපති කාර් යාලය විසින් මෙහෙයවනු ලබයි.

මාතලේ දිස්ත්‍රික්කයට අදාළ හමුව මෙදින පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා මාතලේ දිස්ත්‍රික් මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර් යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් සභා ප්‍රධානීහුද , මාතලේ දිස්ත්‍රික් ලේකම් ඇතුලු නිලධාරිහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook