ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පූජාපිටිය සහතික කළ ළමා නිවාසය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය....

පූජාපිටිය සහතික කළ ළමා නිවාසය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය....

පූජාපිටිය සහතික කළ ළමා නිවාසය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය.... පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, උඩහිඟුල්වල පැපොල්වත්ත, ඉදි කරනු ලබන සහතික කළ ළමා නිවාසය සඳහා මුල්ගල තැබීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 20) දින පැවැත්විණි. මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ මෙම උත්සවයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු ආරාධිතයින් විසින් සෙත්පිරිත් සජ්ඣායනය මධ්‍යයයේ මුල්ගල තැබීම සිදුකරන ලදී. ප්‍රදේශයේ වැසිගිය පාසලක් වන පැපොල්වත්ත මහ විද්‍යාලය පැවති ස්ථානයේදී මෙම සහතික කළ ළමා නිවාසය ඉදිකිරීම සිදුකෙරේ. ඒ් අනුව දෙමහල් ගොඩනැගිල්ල සහ පැති බැම්ම ඉදිකිරීම සදහා මධ්‍යම පළාත් සභා අරමුදල් යටතේ රුපියල් මිලියන 183 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇත. මෙම අවස්ථාව සඳහා ඓතිහාසික කොටමුදුන්ගල විහාරස්ථානාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය, පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව එදිරිසිංහ ඇතුළු මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් ශාලිකා දීගල යන මහත්ම, මහත්මීන් ඇතුලු මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook