ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවැත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලි..

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවැත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලි..

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවැත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය ඉකුත්දා (30) දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත නියෝජනය කිරීම වෙනුවෙන් මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,31 දෙදින පුරා තරග ඉසව් රැසක් සදහා මෙහිදී තරගවදින ලද අතර, මධ්‍යම පළාත් ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික්කය සමත් වුයේ රන් පදක්කම් 117 හිමිකර ගනිමිනි. තරගාවලියේ අනුශුරතාවය දිනා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කය සමත් විය.

2022 වර්ෂයේ ආසියානු දැල්පන්දු ශුරතාවය ශ්‍රී ලංකාවට හිමිකර දීම සදහා දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද මධ්‍යම පළාතේ ක්‍රීඩිකාවන් වන ගයංජාලි අමරවංශ (කණ්ඩායම් නායිකාව) හා ගයානි දිසානායක යන ක්‍රීඩිකාවන් වෙනුවෙන් උපහාර පිදීම ද මෙහිදී සිදුකරන ලදී.

මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ මීටර් 400 කඩුලු පැනීම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකරමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත් කේ.එම්.ඩි.දර්ශන (අඹගමුව මාධ්‍ය මහා විද්‍යාලයේ) පිදුම් ලැබිය. ඔහු ජාත්‍යන්තර ලකුණු සටහනේ ලකුණු 1018ක් ලබා ගැනීමට සමත් විය.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මීටර් 100 ඉසව්ව නියෝජනය කළ එෆ්.සෆියා යමික් (විහාර මහාදේවී බාලිකා විදුහල) පිදුම් ලැබුවේ ජාත්‍යන්තර ලකුණු සටහනේ ලකුණු 933ක් ලබාගනිමිනි.

මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා ) විඑස්.කේ.ජේවර්ධන, ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර , අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා එම්.ඒ.වික්‍රමසිංහ , පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , පේෂකර්ම අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook