ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

“දැය නංවන සපිරි ගමක් ”‍ කුණ්ඩසාලේ දී

“දැය නංවන සපිරි ගමක් ”‍ කුණ්ඩසාලේ දී

“දැය නංවන සපිරි ගමක් ”‍ කුණ්ඩසාලේ දී “දැය නංවන සපිරි ගමක් ”‍ ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ආරම්භ යටතේ, කුණ්ඩසාලේ ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය කුණ්ඩසාලේ, රජවැල්ල උතුර වසමේදී පසුගිය (16) දින ආරම්භ කෙරිණි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති තනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවත්විණි.ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන “දැය නංවන සපිරි ගමක් ”‍ ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යපෘතිය ක්‍රියාත්මක කරයි.කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජවැල්ල උතුර වසමේ ගෘහ ඒකක 50ක් තොරාගෙන අධ්‍යපන, ආර්ථික, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ගෘහස්ථ කළමනාකරණය, සංස්කෘතික හා ආධ්‍යාත්මික සංවර්ධනය, පරිසර සංරක්ෂණය යන අංශ හයක් යටතේ දියුණු කිරීම සිදු කෙරේ.මෙම අවස්ථාව සඳහා කුණ්ඩසාල ප්‍රාදේශීය සභා මන්ත්‍රි ශියාමා ලයනල්, කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කෞෂල්‍යා දිසානායක, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කුන්ඩසාලේ නියෝජිත නිශාන්ත දසනායක යන මහත්ම මහත්මීන් සහ “දැය නංවන සපිරි ගමක් ”‍ සමාජිකයින් සහ ප්‍රතිලාභි පවුල්වල සමාජිකයින් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook