ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාතේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාතේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සහ ඊට සම්බන්ධ කොන්ත්‍රාත් ආයතන අතර සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී අද (16) දින පැවැත්විණි.මෙම සාකච්ඡාවේදී මධ්‍යම පළාතේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලද අතර ඒ සදහා දායකත්වය ලබාදෙන කොන්ත්‍රාත් ආයතන සහ කොන්ත්‍රාත්කරුවන්ගේ කෙරෙහි අවධානයට යොමුවිය. ඒ යටතේ පසුගිය 2025 වසරේ සහ 2026 වසරේ මධ්‍යම පළාතේ සංවර්ධන වැඩසටහන් යටතේ පළාත් මාර්ග, ගොඩනැගිලි, වාරිමාර්ග හා කෘෂි ඉදිකිරීම් ආදී ඉදිකිරීම ක්ෂේත්‍රයේ කටයුතුවල මේ දක්වා ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිය. මේ යටතේ සමාන්‍ය ඉදිකිරීම් මෙන්ම දිට්වා ආපදා තත්ත්වය හේතුව නිසා හානියට පත් වූ ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක් වූහ.මිට සමගාමීව මධ්‍යම පළාතේ ඉදිකිරීම ක්ෂේත්‍රය තුළ හා කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන ගැටලු, බාධා පිළිබඳවත් සහ ඒ සදහා අවශ්‍ය විසඳුම් සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම ද සිදු කෙරිණී.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන්, මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් හා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් පිරිසක් එක් වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook