ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර රාත්‍රී වෙළඳ පොළ යළි ඇරඹීමට සැලසුම්

මහනුවර රාත්‍රී වෙළඳ පොළ යළි ඇරඹීමට සැලසුම්

සංචාරක ආකර්ෂණය සහිත "Kandy Breeze Night Fest" නමින් පැවැත්වෙන මහනුවර රාත්‍රී වෙළඳ පොළ, "මහනුවර නගරය ආලෝකමත් කරමු" වැඩසටහන යටතේ 2026 වසරේ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (15) මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.මෙම සාකච්ඡාවේදී මහනුවර නගරයේ රාත්‍රී ආර්ථිකය සක්‍රීය කිරීම, දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා නව වෙළඳ අවස්ථා නිර්මාණය කිරීම සහ නගරයේ ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.මෙම අවස්ථාවට මහනුවර නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, කර්මාන්ත සංවර්ධන හා
ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook