ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

උතුරේ සිට දකුණට යන සංචාරකයින් මහනුවර දී පිළිගැනේ......

උතුරේ සිට දකුණට යන සංචාරකයින් මහනුවර දී පිළිගැනේ......

ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක මගපෙන්වන්නකු වන සරත් විජේවර්ධන සහ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වන ඇරන් මූරේ (Aaron Moore) යන මහත්වරුන් පේදුරුතුඩුව සිට දෙවුන්දරතුඩුව දක්වා සැගවුණු සංචාරක අත්දැකීම් සොයා යාමේ හා වර්තාගත කිරීමේ චාරිකාවක නිතරතව සිටිති.

මෙසේ චාරිකාවේ නිතරත වූ දෙදෙනා නකල්ස් හරහා මහනුවර නගරයට පිවිසෙන අවස්ථාවේදී, ශ්‍රී දළදා මාලිගාවේ දී ආශිර්වාද ලබා ගැනීම සහ ඔවුන් දෙපළ පිළිගැනිම, මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව මහනුවර ක්වීන්ස් හෝටල් පරීශ්‍රයේදී  (21) පස්වරුවේ සිදුවිණි.

මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තවේ මෙහෙයවිමෙන් මහනුවර දිස්ත්‍රික් සංචාරක සංවර්ධන කමිටුව, මහනුවර හෝටල්කරුවන්ගේ සංගමය ඇතුළු ආයතන රැසකගේ දායකත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

මෙහිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වන ඇරන් මූරේ මහතා ශ්‍රි ලංකාව තුළ සංචාරයේදී තමන් ලද අත්දැකීම් විස්තර කළේය. ශ්‍රී ලංකාව සංචාරයකයින් ට සහ සංචාරයක ක්ෂේත්‍රයට ඉතා වැදගත් රටක් බවත්, මධ්‍යම පළාත හා මහනුවර ආශ්‍රිත කාලාපය ඒ අතරින් ඉතා වැදගත් වන බව පැවසීය. එමෙන්ම තම සංචාරය හරහා ශ්‍රී ලංකාව හා සංචාරක ව්‍යාපාරය තවදුරටත් ජාත්‍යන්තරය කරා ගෙන යාමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නගරධිපති චන්ද්‍රසිරි විජයනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලි හේවගේ යන මහත්ම මහත්මිහු, මහනුවර දිස්ත්‍රික් සංචාරක සංවර්ධන කමිටුව හා මහනුවර හෝටල්කරුවන්ගේ සංගමය, වෘත්තීය සංචාරක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook