ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ජාතික සුපිළිපන් සතිය අද සිට ඇරඹේ

ජාතික සුපිළිපන් සතිය අද සිට ඇරඹේ

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතිය අද (ජූලි 27) සිට ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් ජාතික සුපිළිපන් සතියට සමගාමීව ‘ජාතික සුපිළිපන් දිවුරුම’ ලබාදීම සහ ‘ආචාර ධර්ම සංග්‍රහය’ ප්‍රකාශයට පත් කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් කළමනාකරණ පුහුණු ඒකකයේ දෙවන ශ්‍රවනාගාරයේදී අද (27) පෙ.ව.9.00ට පැවැත්විණි.

එහි ප්‍රධාන දේශනය සිදු කළ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම සඳහා සියලු රාජ්‍ය සේවකයින් කැපවිය යුතු බවයි. එමෙන්ම දූෂණයෙන් තොර, ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැඟීමේදී මහජනතාවට නිසි වේලාවට කාර්යක්ෂම සේවාවන් සැපයීම ප්‍රමුඛ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.

මෙහිදී ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා විසින් රාජ්‍ය සේවයේ සුපිළිපන්භාවයේ වැදගත්කම පිළිබඳ දේශනයක්ද ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook