ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මහනුවර ජාතික රෝහලේ නව කැතීටකරණ ඒකකය ජනතා අයිතියට

මහනුවර ජාතික රෝහලේ නව කැතීටකරණ ඒකකය ජනතා අයිතියට

මහනුවර ජාතික රෝහලට අලුතින් එක් කළ නවීන පහසුකම්වලින් සමන්විත කැතීටකරණ ඒකකය (Cath Lab) අද (15) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නව කැතීටකරණ ඒකකය විවෘත කිරීම සිදු විය.

නව ඒකකය ක්‍රියාත්මක කිරීමත් සමඟ මහනුවර ජාතික රෝහලෙන් හෘද රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් හෘද වාහිනී රෝග සඳහා අවශ්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට මෙම පහසුකම මගින් සැලකිය යුතු පහසුවක් සැලසෙනු ඇත.

මෙම නව කැතීටකරණ ඒකකය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 250ක පමණ මුදලක් වැය කර තිබේ.

මේ අතර, මහනුවර ජාතික රෝහලේදී රුපියල් මිලියන 190ක වටිනාකමකින් යුත් නව CT Scanner යන්ත්‍රයක් සහ රුපියල් මිලියන 180ක වටිනාකමකින් යුත් නව Mammography යන්ත්‍රයක් ද අද ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම නව වෛද්‍ය උපකරණ සහ පහසුකම් එක්වීමත් සමඟ මහනුවර ජාතික රෝහලේ රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් වන අතර, මධ්‍යම පළාත ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට කඩිනම් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට වැඩි අවස්ථාවක් සැලසෙනු ඇත.

See less

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook