මාතලේ, මහවෙල ප්‍රදේශයට දීර්ඝ කාලයක් තිස්සේ අඩුවක්ව පැවැති මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයක් මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් (18) විවෘත කෙරිණි.පළාත් සභා අරමුදල් යටතේ ඉදිකෙරුණු මෙම සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මගින් ග්‍රාම නිලධාරි වසම් දහසයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සේවා සැපයීම සිදු වේ.මෙම අවස්ථාවට යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති යූ. ජී.ජී ෆොන්සේකා මහතා, බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් මංජුල ප්‍රසාද් සමරවීර මහතා, මාතලේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ රොෂාන් රඹුක්වැල්ල මහතා, මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වෛද්‍යවරුන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි විය.
ග්‍රාමීය පුවත්
ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න
මහවෙලට නව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයක්.
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
