ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

"සුව දිවියට ආයුර්වේදය" දොළුව ආයුර්වේද රෝහලේදී.

"සුව දිවියට ආයුර්වේදය" දොළුව ආයුර්වේද රෝහලේදී.

මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ "සුව දිවියට ආයුර්වේදය" ආයුර්වේද ප්‍රදර්ශනය සහ විශේෂඥ වෛද්‍ය සායනය දොළුව ආයුර්වේද මුලීක රෝහලේදී (21) දින පැවැත්විණි.මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී ප්‍රදර්ශනය සහ විශේෂඥ වෛද්‍ය සායනය පැවැත්විණි.ශල්‍ය රෝග, කාන්තා රෝග, ගුද රෝග, පංචකර්ම ප්‍රතිකාර සඳහා වන සායන සහ සියලුම කායික රෝග සඳහා විශේෂඥ අයුර්වෙවෙ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, රෝග පාලනය, ඖෂධ හා නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටි ද මේ සඳහා එක් කර තිබිණි.
ආයුර්වේද ඖෂධ අලෙවිසැල් නියාමනය සඳහා සැකසූ වෛද්‍ය නිර්දේශ අඩංගු ඖෂධ සම්බන්ධයෙන් විස්තර පවත්වාගෙන යාමට අවශ්‍ය ලේඛන ඔසුසල් හිමියන් වෙත බෙදාදීම ද මීට සමගාමීව සිදු විය.මෙම අවස්ථාවට උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති ශාන්ත නවරත්න, පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් අජන්තා කේ. දිසානායක, පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් වික්‍රමතිලක, ආයුර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුර වික්‍රමනායක, ප්‍රජා සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී ලක්ෂාන්ත ගුණසිංහ, දොළුව ආයුර්වේද මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි චාන්දනී කුමාරි හේරත් යන මහත්ම මහත්මීහු සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook