ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

‘බුද්ධ රශ්මි’ බෞද්ධ සඟරාවේ දසවැනි වෙළුම එළිදැක්වේ.

‘බුද්ධ රශ්මි’ බෞද්ධ සඟරාවේ දසවැනි වෙළුම එළිදැක්වේ.

මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ බෞද්ධ සඟරාවේ දසවැනි වෙළුම එළිදැක්වීමේ උත්සවය අද මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර, විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහභාගි විය.

සඟරාවේ නව වෙළුම තෙළඹුගල නිග්‍රොධකෙත්ත මහ පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ගොඩමුන්නේ ශ්‍රී පඤ්ඤාකිත්ති නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම, සඟරාවේ ප්‍රධාන සංස්කාරක විමලසේන කලුගමගේ මහතා විසින් සඟරාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ද පිළිගන්වන ලදී.

2017 වසරේදී ආරම්භ කරන ලද ‘බුද්ධ රශ්මි’ සඟරාව මේ දක්වා අඛණ්ඩව ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි. බෞද්ධ දහම, සංස්කෘතිය හා සම්බන්ධ කරුණු පාඨකයන් වෙත සමීප කිරීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන මෙම සඟරාව වසර දහයක් පුරා පාඨකයන් අතර නොමිලේ බෙදාහැරීම ද එහි සුවිශේෂී ලක්ෂණයකි.

මෙම වැඩසටහනට සමගාමීව සඟරාවේ පිටපත් මහජන පුස්තකාල වෙත බෙදාදීම ද සිදු කෙරිණි. ඒ තුළින් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතික දැනුම පුළුල් පාඨක පිරිසක් වෙත සමීප කිරීමට අවස්ථාව සැලසී තිබේ.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර සහකාර ලේකම් වරුණ මියනදෙනිය මහතා, පුස්තකාලයාධිපතිවරුන් පිරිසක් සහ සඟරාව සඳහා දායකත්වය සපයන කතුවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook