ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පෙර පාසල් දරුවන්ගේ භාෂා සාක්ෂරතාව හා ගණිත කුසලතා වර්ධනයට නව වැඩපිළිවෙළක්.

පෙර පාසල් දරුවන්ගේ භාෂා සාක්ෂරතාව හා ගණිත කුසලතා වර්ධනයට නව වැඩපිළිවෙළක්.

පෙර පාසල් දරුවන්ගේ මුල් කාලීන භාෂා සාක්ෂරතාව සහ මූලික ගණිත සංකල්ප වර්ධනය කිරීමේ අරමුණින් Room to Read ආයතනය හා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය එක්ව ක්‍රියාත්මක කරන නියමු ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පෙර පාසල් සඳහා ඉගෙනුම් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනක් පසුගිය 19 වැනිදා පැවැත්විණි.

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන්, එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ සහ Room to Read ආයතනයේ නිලධාරීහු සහභාගි වූහ.

මෙම නියමු ව්‍යාපෘතිය මේ වසරේදී කටුගස්තොට අධ්‍යාපන කලාපයේ තෝරාගත් සිංහල මාධ්‍ය පෙර පාසල් දහයක් සහ දමිල මාධ්‍ය පෙර පාසල් දහයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

මුල් ළමාවිය තුළ දරුවන්ගේ භාෂා කුසලතා සහ මූලික ගණිත අවබෝධය වර්ධනය කිරීම සඳහා පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි. ඒ සඳහා දරුවන්ට වඩාත් ඵලදායී හා ක්‍රියාකාරී ඉගෙනුම් අත්දැකීම් ලබාදීමට අවශ්‍ය ඉගෙනුම් උපකරණ සපයා දීමද මෙහිදී සිදු කෙරේ.

මුල් ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දරුවන්ගේ අනාගත ඉගෙනුම් කටයුතු සඳහා ශක්තිමත් පදනමක් සැකසීම වෙනුවෙන් රාජ්‍ය ආයතන හා අදාළ හවුල්කාර ආයතන එක්ව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ලෙස මෙම නියමු ව්‍යාපෘතිය හැඳින්විය හැකිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook