ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පදියපැලැල්ල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල පැවැත්වේ

පදියපැලැල්ල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල පැවැත්වේ

පදියපැලැල්ල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල පැවැත්වේ

හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ නු/පදියපැලැල්ල ජාතික පාසලේ 2022/2023 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල ඊයේ (16) පෙරවරුවේ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ප්‍රධාන ශිෂ්‍ය නායක,ප්‍රධාන ශිෂ්‍ය නායිකා, උප ප්‍රධාන ශිෂ්‍ය නායක හා උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 61 දෙනෙකුට මෙහිදී ශිෂ්‍ය නායක නිල ලාංඡන පළඳවනු ලැබීය.

ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන්නේ ඩී.කේ.වෙලන්ගස්තැන්න ශිෂ්‍යයා යි. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන්නේ එස්.ඒ. ප්‍රේමසිරි ශිෂ්‍යාව යි.

නව ශිෂ්‍ය නායක මඬුල්ල හා සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ද, දෙමාපියන්ද අමතමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ පාසල් ශිෂ්‍ය නායක තනතුර යනු අනාගත සාර්ථකත්වය පිළිබිඹු කරන්නක් බව ය. මේ තමාගේද අත්දැකීමක් බව සිහිපත් කළ ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන්නට දැන් සිට ම මේ ශිෂ්‍ය නායක මඬුල්ල පියවර ගත යුතු ය යන්න යි. වර්තමානයේ සියලු ක්ෂේත්‍ර තුළ නායකත්වය ගෙන සිටින්නේ අතීත ශිෂ්‍ය නායක නායිකාවන් ය යන්න ද ඔහු අවධාරණය කළේ ය.

මේ අවස්ථාවට හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම්.සේනානායක, හඟුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිලන්ති විජේතුංග, නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේරත්න යන මහත්ම මහත්මීන්ද, ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමඟ අවට විදුහල් කිහිපයක ම විදුහල්පතිවරුද එක්ව සිටියහ.

විචිත්‍රාංග ගණනාවකින් ද සමන්විත වූ මේ උළෙල සංවිධානය කළේ විදුහල්පති ගාමිණී කහඳුගොඩ මහතාගේ මඟ පෙන්වීම යටතේ ය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook