ලෝක වැඩිහිටි දිනය සැමරීම වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය සභාව විසින් වැඩසටහන් කිහිපයක් ම සංවිධානය කරන ලදී. මේ යටතේ ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද මධ්‍යස්ථානය ,පලාපත්වල මහජන පුස්තකාලය හා මඩවල මහජන පුස්තකාලය ඒකාබද්ධව මඩවල වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීමටද, දානමය වැඩසටහනක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණි.