ආහාර සුරක්ෂිතතාව ජාතික වැඩසටහනට සමගාමීව දොඩම්දෙනිය , කන්දෙගෙදර ස.ණ. ස. සමිතිය මඟින් ගමට තිලිණ කරන ස.ණ.ස. මිනි කෝප් සිටි වෙළෙඳ සැල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්. යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (23) විවෘත කෙරිණි. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න මහතා ද ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.